දවසේ(20) කාලගුණ තත්ත්වයේ නවතම තොරතුරු....

දවසේ(20) කාලගුණ තත්ත්වයේ නවතම තොරතුරු....

by Staff writer 20-11-2026 | 9:57 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පවතින්නේ, වියළි කාලගුණික තත්ත්වයකි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජනතාවට දැනුම් දෙයි.

දිවයින වටා වන  මුහුදු ප්‍රදේශවල ද වැසි රහිත කාලගුණයක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.