.webp)

සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර පැවසුවේ, 'අස්වැසුම' ප්‍රතිලාභින් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරුන් පවත්වන සමීක්ෂණවලදී ඇතැම් පිරිස් ඔවුන්ගේ මූල්‍ය වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම පියවරගත් බවයි.
ඒ අනුව දැනට ප්රතිලාභ ලබන සහ ඒ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ මෙන්ම 'අස්වැසුම' සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කළ පුද්ගලයින්ද දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව සභාපතිවරයා සඳහන් කළේ ය.
