ජොන්ස්ටන් එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 16

ජොන්ස්ටන් එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 16

by Staff writer 19-11-2026 | 10:45 PM

COLOMBO(News1st) - සතොස සේවකයින් පිරිසක් දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය  ලබන දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද  නියෝග කළේය.

නඩුව අද කැඳවූයේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේයි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.