ලාෆ්ස් සමාගමේ පාලනාධිකාරිය අද(17) වෙළෙඳ ඇමති හමුවට

ලාෆ්ස් සමාගමේ පාලනාධිකාරිය අද (17) වෙළෙඳ ඇමති හමුවට...

by Staff writer 17-11-2026 | 8:16 AM

COLOMBO(News1st) - සිදුකළ දැනුම් දීමක් මත ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ අද(17) හමුවීමට නියමිතව තිබේ.

ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළේ, ඒ අනුව, සිය කණ්ඩායම අද අමාත්‍යවරයා හමුවන බවයි.

ඊට අමතරව හෙට(18) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට ද ලාෆ්ස් ගෑස් සමාගමට දැනුම් දි ඇතැයි සඳහන් ය.

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ(16) කැඳවා තිබුණි.

ඒ අනුව ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, නලින්ද කුරුකුලසූරිය ඇතුළු පිරිසක් එහි පැමිණියහ.

එම සාකච්ඡාවට පාරිභෝගික කටයුතු පිළීබඳ අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය, මිල කළමණාකරණ අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූහ.

එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලාෆ්ස් සමාගමට කරුණු තුනක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් වේ.

එම කරුණු අතරට,

ගෑස් සිලින්ඩර වෙනුවෙන් පාරිභෝගිකයින් තැන්පත් කර ඇති මුදලට සාධාරණ මුදලක් ලබාදීම,

දිවයින පුරා ගෑස් සැපයුම විධිමත් කිරීම සහ ගෑස් මිල ඉහළ දැමීම අනුමත නොකරන බව ඇතුළත් වේ.