අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 04 වැනි දිනය අදයි

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 04 වැනි දිනය අදයි.

by Staff writer 17-11-2026 | 8:18 AM

COLOMBO(News1st) - අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 04 වැනි දිනය අදයි.

ලබන 20 වැනිදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.

දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම, 20 වැනිදා හවස 6ට පැවැත්වීමට නියමිතයි.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය, ලබන 21 වැනිදා සිට දින 19 ක් පැවැත්වෙන අතර ඒ අනූව අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා හවස 6ට පැවැත්වීමට නියමිතයි.

2027 අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.