.webp)
 (7)-628065.jpg)
මියයන විට ඔහුගේ වයස අවුරුදු 45ක්.
1982 වසරේ පෙබරවාරි 25 වැනිදා නොච්චියාගමදී උපන්, අබ්දුල් හමීඩ් මොහොමඩ් ඉෆාම් සිය අධ්‍යාපනය නොච්චියාගම අල් හික්මා මහා විද්‍යාලයෙන් හා අනුරාධපුර සහිරා විද්‍යාලයෙන් ලබා ගත්තේය.
ඔහු වැව් බැදි රාජ්‍යයේ ජනතාවගේ සමීපතයෙකු ලෙස නිරන්තරයෙන් සිය රාජකාරිය මැනවින් ඉටු කළ මාධ්‍ය සගයෙකි.
දෙදරු පියෙකු වූ ඉෆාම් News1st කාගෙත් සිත් දිනා ගත් සුවිශේෂී පුද්ගලයෙකි.
වසර 14කට අධික කාලයක් News1st ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස ඔහු අපි සමග කටයුතු කළේ ය.
ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් ගම්මැද්ද මෙන්ම සිරස මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කළ විවිධාකාර මහජන සේවා ක්රියාන්විතවලටත් ඔහු සිය ශක්තිය නොඅඩුව ලබා දුන්නේ ය.
අද අපෙන් සමුගෙන යන ආදරණීය News1st සහෘදයාණෙනි, ඔබට සුබ ගමන්...!
