බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා රැසක් වැසේ...

විරෝධතා හා වැඩවර්ජන හමුවේ බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා 150ක් පමණ තවකාලිකව වසා දැමේ...

by Staff writer 16-11-2026 | 9:27 AM

COLOMBO (News 1st) - වැඩ වර්ජන සහ විරෝධතා හේතුවෙන් බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා 150ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ.

මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන සේවකයින් ඉල්ලා සිටින්නේ ඉහළ යන ජීවන වියදම හමුවේ, අවම වැටුප ටකා 30,000ක් දක්වා ඉහළ නැංවිය යුතු බවයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 80,000කි.

බංගලාදේශයේ කම්කරු නීතිවලට අනුව, නිෂ්පාදන කටයුතු බාධාවට ලක්වන අවස්ථාවලදී කර්මාන්තශාලා හිමිකරුවන්ට සිය මෙහෙයුම් අත්හිටුවීමට සහ වැටුප් ගෙවීම නතර කිරීමට අවසර හිමිවේ.

ඒ අනුව විරෝධතා අවසන් කර සේවකයින් යළි රැකියාවට වාර්තා කිරීමට එකඟතාව පළකරන තුරු අදාළ කර්මාන්තශාලා වසා තැබෙනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

චීනයට පසු ලොව දෙවැනි විශාලතම නිමි ඇඳුම් අපනයනකරු ලෙස සැලකෙන බංගලාදේශය ඇඟලුම් අපනයනය හරහා වාර්ෂිකව ඩොලර් බිලියන 40ක පමණ ආදායම් උපයයි.

එය ඔවුන්ගේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කි.