බෙංගාල බොක්කේ පීඩන අවපාතය, සුළි කුණාටුවක් වන ලකුණු

බෙංගාල බොක්කේ පීඩන අවපාතය, සුළි කුණාටුවක් වන ලකුණු - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 16-11-2026 | 8:27 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය මේ වන විට පවතින්නේ, ත්‍රිකුණාමලයට කිලෝමීටර 640 ක් පමණ දුරින්.

එය අද (16) පස්වරුව වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි.

හෙට(17) වන විට එය, බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි වේ.

කෙසේ වෙතත්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද සිට අඩු විය හැකියි.