බලන්ගොඩ කස්සප හිමි රිමාන්ඩ්

බලන්ගොඩ කස්සප හිමි රිමාන්ඩ්

by Staff writer 16-11-2026 | 6:31 PM

COLOMBO(News1st) - බලංගොඩ කස්සප හිමියන් හෙට (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ, ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීත්‍යනුකූල අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට නොවැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

නඩුව අද(16) කැඳවුයේ, ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් ඉදිරියේදීයි.

එදින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, බලංගොඩ කස්සප හිමිට වරෙන්තු නිකුත් කර තිබුණි.

මේ අතර, බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද අවසර දුන්නේය.

ඒ, විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීමක් සලකා බලමින්.

මෝසමක් ගොනු කරමින් ඔවුන් අධිකරණය හමුවේ පවසා සිටියේ, ඉකුත් දා විහාරමහා දේවි උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයේ දී පොලිස් නිලධාරීන් තමන්ට පහර දුන් බව බලංගොඩ කස්සප හිමි මාධ්‍ය ඔස්සේ පවසා ඇති බවයි.

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි, පොලිස්පතිවරයා සිය කොට්ඨාසයට දන්වා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

එම විමර්ශනයට අදාළව උන්වහන්සේගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව කියා සිටි විමර්ශන නිලධාරීන් දැනට වෙනත් නඩුවකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිමිනමගෙන් බන්ධනාගාරට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට ගොස් උන්වහන්සේගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසර ලබා දුන්නා.