.webp)

පොලීසිය පැවසුවේ අද (16) අලුයම කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු සන්තකයේ තිබී කුෂ් කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 336 ක් සොයා ගැණින.
තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 328 ක් සමගයි.
රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කළ වැටලීමකදි කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 384 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 30, 35 හා 46 වයස්වල පසුවන මාතලේ, නැඳුන්කේණී හා මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපළ ඒකකය විසින් ඒ පිළිබද වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
