ආනන්ද පාලිත අත්අඩංගුවට

ආනන්ද පාලිත අත්අඩංගුවට

by Nadeeshan Meedin 16-11-2026 | 6:40 PM

COLOMBO( News1st) - සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ප්‍රකාශයක් ලබා දීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට පැමිණි අවස්ථාවේදියි.

2015 - 2019  සමයේ ඛනිජතෙල් නීතීගත සංස්ථාවේදී සිදුවූ බව කියන සේවක අතිකාල දීමනා වංචාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.