කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද දිනයේදී පීඩන අවපාතයක් දක්වාවර්ධනය වීමට වැඩිඉඩක්.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

by Staff writer 15-11-2026 | 10:35 AM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද උදෑසන වනවිට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 600ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එය අද දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

එම පද්ධතියේ බලපෑමෙන් උතුරු - උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි ය.

බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, කන්කසන්තුරෙය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනනතුරු ධීවර සහ නාවික කටයුතු වලින් වැලකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතරව වර්ෂාවත් සමග බදුල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.