බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ සුළං වේගය ඉහළට

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ සුළං වේගය ඉහළට

by Staff writer 15-11-2026 | 3:53 PM

COLOMBO(News1st) - බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 60 - 70ත් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය, ඊට හේතුවී තිබේ.

ඒ අනූව කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.