නොවැම්බර් මාසයේ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැහැ!

නොවැම්බර් මාසයේ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැහැ! - ලිට්‍රෝ සමාගම

by Staff writer 14-11-2026 | 5:32 PM

COLOMBO(News1st) - උත්සව සමය වෙනුවෙන් ගෑස් තොග වෙළෙඳපොලට නිකුත් කරමින් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම නිවේදනය කළේ, නොවැම්බර් මාසයේ ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

ලාෆ් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දමනු ලැබුවේය.