by Staff writer 14-11-2026 | 9:36 AM
COLOMBO(News1st) - පානදුර - මොරටුව නව ගාලුපාරේ එගොඩඋයන ප්‍රදේශයේ දී ලොරි රථයකට යටවී පාපැදිකරුවෙකු මියගොස් ලොරි රියදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව එගොඩ උයන පොලීසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ජාන් බර්නාඩ් අයිවෝ රණසූරිය නමැති ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැලක හිමිකරුවෙක් බව ද පොලීසිය සඳහන් කරයි. මියගොස් ඇති තැනැත්තා තවත් පාපැදිකරුවන් පිරිසක් සමග සිය රේසිං පාපැදියෙන් මොරටුව දෙස සිට පානදුර දෙසට පුහුණුවීම් සඳහා ගමන් කර ඇති අතර, පිටුපසින් භාණ්ඩ පටවාගත් ලොරි රථය පැමිණ තිබේ. අනතුර සිදුවූ ස්ථානයේම පාපැදිකරු මිය ගොස් ඇති අතර, ලොරි රථයේ සිරවී සිටි රියැදුරු ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා එළියට ගෙන තිබෙන අතර එගොඩඋයන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.