.webp)

නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතින්නේ, තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවලින් ගිං ගඟ, බද්දේගමින් සුළු ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.
කළු ගඟ ගංවතුර අවදානම් මට්ටමේ පවතින්නේ, මඟුර සහ මිල්ලකන්ඳ ප්‍රදේශවලිනි.
වලවේ ගඟ මොරකැටියෙන් සහ අත්තනගලු ඔය දූනමලෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතියි.
ඒ අවට පහත්බිම් වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, විමසිල්ලෙන් පසුවන ලෙසයි.
මේ අතර, අද(13) වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බෙංගාල බොක්කේ ගිණිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද(13), අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකියි.
එය, හෙට(14) වන විට හොඳින් හඳුනාගත හැකි අඩු පීඩන කලාපයක් වී, 15 වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.
ඒ හේතුවෙන් ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 - 70ත් දක්වා ඉහළ යා හැකියි.
ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
