උපාලි අරඹේවෙල අභාවප්‍රාප්ත වෙයි

උපාලි අරඹේවෙල අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 13-11-2026 | 8:36 PM

COLOMBO(News1st) - මෙරට රූපවාහනි විකාශන ක්ෂේත්‍රයේ පෘථුල අත්දැකීම් ඇති ඉංජිනේරුවරයෙකු වූ උපාලි අරඹේවෙල අභාවප්‍රාප්ත වී තිබේ.

වසර ගණනාවක් රෝගී වී සිටි ඔහු අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 75ක්.

මහනුවරදී උපන් උපාලි අරඹේවෙල පාසල් අධ්‍යාපනයෙන් පසු ලන්ඩනයේදී උසස් අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ඉංජිනේරුවරයෙකු ලෙස සම්බන්ධ වූයේ 1982 වසරේදීයි.

එතැන් සිට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දක්වා උසස් වීම් ලැබූ ඔහු රූපවාහනී සන්නිවේදන කුළුණු පිහිටුවීමෙහිලා ප්‍රමුඛ කාර්යක් ඉටු කළේය.

අනතුරුව ආසියානු විද්‍යුත් විකාශයකින්ගේ සංගමයට සම්බන්ධ වූ උපාලි අරඹේවෙල මැලේසියාවේ සිට එහි විවිධ කටයුතු වලට වසර ගණනාක් දායක්තවය ලබා දුන්නේය.

සිරස ඇතුළු පෞද්ගලික මධ්‍ය ආයතන රැසකද සේවය කළ ඔහු මෙරට රූපවාහිනා විකාශන පද්ධතිය වැඩිදියුණු කිරීමට දැක්වූයේ නොමද සහයක්.

අභාවප්‍රාප්ත උපාලි අරඹේවෙලගේ දේහය මහජන ගෞරවය සඳහා අද(13) පස්වරුවේ කළුබෝවිල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 5 ට උඩහමුල්ල පොදු සුසාන භූමියේදි සිදු කිරීමට නියමිතයි.