වැසුණු කඩුගන්නාව යළි ඇරෙයි

වැසුණු කඩුගන්නාව යළි ඇරෙයි

by Staff writer 11-11-2026 | 8:36 AM

COLOMBO (News 1st) – කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද උදෑසන 06ට යළි විවෘත කළ බව පොලීසිය පැවසුවේ ය.

මාර්ගය ඊයේ පස්වරුවේ වසා දැමුණේ කඩුගන්නාව ගල විදින ලද ස්ථානයෙන් ගල්පෙරලීමක් හේතුවෙන් ය.