සුළු අපනයන භෝග අපනයනයෙන් රු. කෝටි 15,000ක ආදායමක්

වසරේ මුල් මාස 9 තුළ සුළු අපනයන භෝග අපනයනයෙන් රු. කෝටි 15,000කට අධික ආදායමක්

by Staff writer 11-11-2026 | 11:24 AM

COLOMBO (News 1st) –  මේ වසරේ මුල් මාස 9 තුළ සුළු අපනයන භෝග අපනයනයෙන් රුපියල් කෝටි 15,000කට අධික ආදායමක් ඉපයීමට සමත්ව තිබේ.

මින් වැඩිම අදායමක් උපයා ඇත්තේ කුරුඳු අපනයනයෙන් ය.

එම කාලය තුළ කුරුඳු අපනයෙන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 7600ක අදායමක් උපයා ඇතැයි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජනක ලින්දර සඳහන් කළේ, එය පසුගිය වසරේ මුල් මාස 9 ට සාපේක්ෂව කුරුඳු අපනයන ආදායම රුපියල් මිලියන 2278 කින් වැඩිවී ඇති බවයි.

මේ වනවිට මෙරට කුරුඳු නිෂ්පාදන ලොව පුරා රටවල් 90 කට අපනයනය කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

ජනක ලින්දර සඳහන් කළේ මේ වසර අවසානය වන විට කුරුඳු අපනයනයෙන් රුපියල් කෝටි 10000 ක අදායම් ඉපයීමට සැලසුම් කර ඇති බවයි.