.webp)
-627737.jpg)
ඒ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මාතර සමුපාකාර සමිතියේ හිටපු සභාපති චමින්ද ගුණසේකරට අයත් ජිප් රථයක් හිටපු අමාත්‍යවරයා භාවිත කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
මේ අතර, සීමාසහිත මාතර දිස්ත්‍රික් විවිධ සේවා සමූපකාර සමිතියේ රුපියල් කෝටි 500ක මුදල් වංචා කර, චමින්ද ගුණසේකර විසින් අයථා ලෙස මිලදී ගත් බව කියන වාහන 12 ක භාවිතය තහනම් කිරීමට මාතර මහාධිකරණය නියෝග කර තිබේ.
මහාධිකරණය නියෝග කර ඇත්තේ, අදාළ වාහන ලබන වසරේ මාර්තු 11 වැනිදා දක්වා භාවිත කිරීම තහනම් වන බවයි.
විවිධ පුද්ගලයින් සතුව තිබූ අදාළ වාහන අවස්ථා කිහිපයකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මේ අතර, ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස් දෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
ඒ, ඇයට අයත් වාහනය සඳහා මාතර සමූපකාර සමිතියේ හිටපු සභාපති චමින්ද ගුණසේකර විසින් කල්බදු වාරික ගෙවූ බව කියන සිද්ධියකට අදාළවයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එදින අධිකරණයට දැනුම් දුන්නේ සැකකාරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වු බවයි.
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන වරුණි බෝගහවත්ත සතු හොන්ඩා වීසල් වර්ගයේ මෝටර් රථය, ඉකුත් දා පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගත්තේය.
මේ අතර, මාතර සමුපකාර සමිතියේ හිටපු සභාපති චමින්ද ගුණසේකරට අයත් වාහනයක් භාවිත කළ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
