.webp)
-627749.jpg)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැමිණිල්ලකින් චෝදනා ගොනු කර තිබුණේ, එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම, පාවිච්චි කිරීම ඇතුළු මෝටර් රථ වාහන ආඥා පනතේ චෝදනා තුනක් යටතේ සැකකරු වරදක් සිදුකර ඇති බවට සඳහන් කරමින්.
එම දෙපාර්තමේන්තුව ජර්මනියේ නිෂ්පාදිත BMW වර්ගයේ එම සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබුණේ කොළඹ පෞද්ගලික හෝටලයක් තුළ අතහැර දමා තිබියදීයි.
සිද්ධියට අදාළව තමන් වරදකරු බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් 28 වැනිදා පිළිගෙන තිබුණි.
නඩුව අද කැඳවූයේ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් කින්ස්ලි හෙට්ටිආරච්චි හමුවේයි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
