.webp)

මැදවච්චිය හීරලුගම, ඇටවීරගොල්ලෑව පදිංචිව සිටි ඔහුගේ වයස අවුරුදු 48ක්.
මියගිය අනෙක් පිරිමි පුද්ගලයා 56 හැවිරිදි කුරුනෑගල රීදිගම පදිංචිකරුවෙක්.
අනතුරින් මියගිය කාන්තාවන් දෙදෙනා පදවිය සහ වේයන්ගොඩ පදිංචි 32 සහ 73 හැවිරිදි වයස්වල පසුවන්නන්.
පොලීසිය පැවසුවේ, බරපතල තුවාල ලැබූ 04 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින බවයි.
අද පෙරවරු 9.30ට පමණ සිදුවූ අනතුරින් 76 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
තුවාල ලැබුවන්ගෙන් 61 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර, සෙසු රෝගීන් අතුරින් 12 දෙනෙකු ප්රතිකාර ලබන්නේ මැදවච්චිය රෝහලේයි.
තවත් රෝගීන් තුන්දෙනෙකු මිහින්තලේ රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
අනතුරට ලක් වුණේ, ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක්.
ජනකපුර සිට කොළඹ බලා ධාවනය වූ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක්, පදවියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පසුකර යෑමට උත්සහා කිරීමේදී ඉදිරියෙන් පැමිණි අක්කරේපත්තුවේ සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී තිබේ.
අනතුරට හේතුව අධික වේගය සහිත ව තෙත සහිත මාර්ගයක අනතුරු දායක ලෙස ධාවනය බවට පොලීසිය සැක කරයි.
