මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් වසා දැමේ

ගල් පෙරලීම හේතුවෙන්, මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් වසා දැමේ.

by Staff writer 10-11-2026 | 10:02 PM

COLOMBO(News1st) -  මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ගල විදින ලද ස්ථානයෙන් තාවකාලිකව වසා දමා තිබේ.


ඒ අදාළ ප්‍රදේශයෙන් මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන්.

මේ හේතුවෙන් හෙට උදෑසන 6 දක්වා විකල්ප මාර්ග භාවිත කරන්නැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත රියදුරන්ගෙන් ඉල්ලා සිටී.