කොළඹ ඩෙංගු අධි අවදානම් කලාප 5ක් හඳුනාගැනේ...

කොළඹ ඩෙංගු අධි අවදානම් කලාප 5ක් හඳුනාගැනේ...

by Staff writer 10-11-2026 | 9:33 AM

COLOMBO(News1st) - මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, කිරුළ, කිරුළපන, යන ප්‍රදේශ ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

එම ප්‍රදේශවලින් මේ වසර තුළ ඩෙංගු රෝගීන් 3400 වාර්තා වී ඇති අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මෙම මාසයේ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 165ක්.

වර්ෂාවත් සමඟ  ඩෙංගු රෝගය තවදුරටත් එම ප්‍රදේශ තුළ වැඩිවිය හැකි බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,7651කට අධිකයි.

වැඩිම ඩෙංගු රෝගින් වාර්තා වී ඇත්තේ, ගම්පහ, කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවලින්.

පවතින වාතාවරණය හමුවේ ඊයේ(09) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්ද ආරම්භ විය.

එම වැඩසටහන ලබන 14 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.