අත්තනගලුඔය ආශ්‍රිත ප්‍රදේශ සඳහා ගංවතුර අවදානමක්..

අත්තනගලුඔය ආශ්‍රිත ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අවදානම් නිවේදනයක්..

by Staff writer 09-11-2026 | 4:28 PM

COLOMBO(News1st) - අත්තනගලුඔය ආශ්‍රිත ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, අත්තනගලුඔය ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු  වර්ෂා තත්ත්වය හා බස්නාගොඩ ජලාශයේ පිටවාන් දොරටු මගින් ජලය නිකුත් කිරීම ආරම්භ කිරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම වැඩිවෙමින් පවතින බවයි.

ඒ හේතුවෙන් ඉදිරි කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල්ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ඒ  පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.