.webp)
-812343-627512.jpg)
පහන් මාලාවක් දැල්වීම, දීපාවලී දිනයේ විසිතුරු සිරිතකි.
දීපාවලි උත්සවය සමරන්නට නිමිත්ත ලෙස සැලකෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීමේ සිද්ධියයි.
ඒ අනුව අධර්මය පරාජය වී ධර්මය ජයගත් දීප්තිමත් දිනය වශයෙන් ද මේ දිනය සැලකෙයි.
හින්දු බැතිමතුන් පහන් දැල්වීම, කෝලම් දැමීම, පොංගල් බත් බෙදීම සිදු කරන අතර දේව වන්දනාවේ නිරත වන්නේ මහත් භක්තියෙන් ය.
තමාට මෙන් සියලු ලෝකවාසීන්ටද එළිය දකින්නට ඉඩ සළසන්නැයි නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි බව වේද සාහිත්‍යයේ සඳහන් ය.
ඒ ආකාරයෙන් සියලු දෙනාගේ සිත් තුළ ආලෝකය පැතිරේවායි යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිව හින්දු බැතිමතුන් අද ආගමික වතාවත්වල නිරන වෙයි.
මියගිය ඥාතීන් සිහි කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන ඔවුන්, රස කැවිලි අනුභව කරමින් දීපාවලී දිනය සතුටින් සමරයි.
