කොළඹ අනවසර ඉදිකිරීම් ගැන පියවර ගන්නවා..

කොළඹ නගරය ජලයෙන් යටවීමට හේතුවී ඇති අනවසර ඉදි කිරීම් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නවා - කොළඹ නගරාධිපති

by Staff writer 08-11-2026 | 9:00 AM

COLOMBO(News1st) - කොළඹ නගරය ජලයෙන් යටවීමට හේතුවී ඇති  අනවසර ඉදි කිරිම් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් පවසනවා.

නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක් වෙමින් ඇය සඳහන් කළේ, කොළඹ නගරයේ කාණු පද්ධති පිළිසකර කිරිමේ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර ඇති බවයි.