.webp)

COLOMBO(News1st) - උප්පුවේලි කප්පල්තුරේ ප්‍රදේශයේදි ධාවනය වු කුලී ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කළ දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , උප්පුවේලි පොලිසිය හා මාතර පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදීයි.
24, 28සහ 34 හැවිදිරි සැකකරුවන් දික්වැල්ල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
පසුගිය 02 වැනිදා සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගියේ ය.
