.webp)
-627555.jpg)
ඒ, පානදුර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් මත නල්ලූරුව ප්‍රදේශයේ හෝටලයක කළ සෝදිසි මෙහෙයුමකදීයී.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනූව කළ සෝදිසි මෙහෙයුමට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ වාර්තා කොට්ඨාසය, නිල සුනඛ කොට්ඨාසය සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ එක්ව තිබේ.
සැකකරුවන් සතුව තිබූ පරිගණක 23ක් ඇතුළු උපාංග ආරක්ෂක අංශ භාරයට ගැනුණි.
ඔවුන්, අන්තර්ජාලය හරහා නීතිවිරෝධී ව්‍යාපාරයක් හෝ මූල්‍ය වංචා කර ඇද්දැයි සොයා වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවයි.
විදෙස් ජාතිකයින් එලෙස හෝටල්, ලැඟුම්හල් සහ නිවාඩු නිකේතන වල රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
118, 119 යන හදිසි ඇමතුම් අංක හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට, ඒ පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකියි.
