.webp)
නව සංශෝධන අනුව, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රු.10 කින් ඉහළ දමා ඇති අතර එහි මිල රුපියල් 424ක් වේ.
ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් මිල ඉහළ දමා ඇත්තේ රු.15 කිනි.
ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 490ක් ලෙසයි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.05 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 15 කින් ඉහළ දමා ඇත.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 397ක් ලෙස සහ ඩීසල් ලීටරයක මිල 543ක් ලෙස සටහන් වේ.
සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ.
