උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්!

ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්.

by Staff writer 31-10-2026 | 10:28 PM

COLOMBO(News1st) - ප්‍රදේශ රැසක උණුසුම උණුසුම හෙට(01) අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරුමැද , නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.

ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරුට දැනෙන උණුසුම හෙට(01) දිවා කාලයේ අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.