රත්‍රන් ජාවාරමක් පිළිබඳ රේගුවෙන් විමර්ශන

ජෙෆ්රි මොහොමඩ්ගේ මුදල් යොදවා කළ මහා පරිමාණ රත්‍රන් ජාවාරමක් පිළිබඳ රේගුවෙන් විමර්ශන....

by Staff writer 28-10-2026 | 9:29 AM

COLOMBO (News 1st) - මහා පරිමාණයෙන් ඩොලර් පිටරට යැවූ බවට චෝදනා එල්ල වූ ජෙෆ්රි මොහොමඩ් නැමැත්තාගේ මුදල් යොදවා මෙරටට නීති විරෝධී ලෙස රත්‍රන් ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රේගුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රේගුව පැවසුවේ පිටකොටුවේ රන් භාණ්ඩ වෙළෙඳසැල් හිමිකරුවෙකු සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මක බවයි.

ඔහු විසින් රත්‍රන් 80Kg කට අධික ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බව මූළික විමර්ශනයේදී හෙළිව තිබේ.

මේ වනවිට එම රත්‍රන් සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව, පොලීසිය සඳහන් කළේ ය.

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා පරිමාණ ජාවාරම්කරුවෙකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් නැමැත්තා මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ යි.