ශ්‍රී ලංකාව තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට

by Staff writer 27-10-2026 | 6:05 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම, තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, පාකිස්ථානය සමග පැවැති දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 25යි පන්දු 3කදී ලකුණු 110කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුශංක ලකුණු 34ට කඩුලු 5යි.

ලකුණු  111ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දුවකදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය.

කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 62යි.