තළල්ල වෙරළේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ.

තළල්ල වෙරළේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ.

by Staff writer 24-10-2026 | 8:20 AM

COLOMBO(News1st) - මාතර, තළල්ල වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු මළු කිහිපයක් සොයාගෙන තිබේ.

ඒ, නාවික හමුදාව සහ වෙළාරක්‍ෂක බලකාය එක්ව කළ මෙහෙයුමකදීයී.

ඒවායේ අඩංගු මත්ද්‍රව්‍ය වර්ගය හෝ ප්‍රමාණය මෙතෙක් තක්සේරු කර නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.