.webp)

කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර පැවසුවේ, එම වාර්තාව, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මගින් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
එම වෛද්ය මණ්ඩලයට, වෛද්යවරුන් 14 දෙනෙකු ඇතුළත්.
ශිරන්ති රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව, හෙට(16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.
පෙරේදා(13) නඩුව කැදවූ අවස්ථාවේ හෘද රෝගී තත්ත්වය හේතුවෙන් ශිරන්ති රාජපක්ෂට එදින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බව, ඇගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේය.
