IMF රැස්වීමට මෙරට නියෝජිත පිරිසක් අද තායිලන්තයට

IMF හා ලෝක බැංකු වාර්ෂික රැස්වීමට මෙරට නියෝජිත පිරිසක් අද තායිලන්තයට.

by Staff writer 11-10-2026 | 8:13 AM

COLOMBO(News1st) - මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් අද තායිලන්තය බලා පිටත්ව  යයි.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහායි.

එහිදී ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කරගත් ප්‍රගතිය, ස්ථාවරත්වය, ඉදිරි ආර්ථික පරිවර්තනය සඳහා සැලසුම් ඇතුලු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්චා කිරීමට නියමිත බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම හෙට සිට ලබන 18 වැනිදා දක්වා බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිතයි.

ලෝක ආර්ථිකය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, රටවල් 191ක නියෝජිතයින් 15,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත ය.