ලෝක ජනාවාස දිනය අදයි...

ලෝක ජනාවාස දිනය අදයි, රජයේ ආධාර මත ඉදිකෙරුණු නිවාස 5,000ක් අද ජනතා අයිතියට....

by Staff writer 05-10-2026 | 8:34 AM

COLOMBO (News 1st) - රජයේ ආධාර මත ඉදිකරන ලද නිවාස 5,000ක් අද (05) ජනතා අයිතිය පත් කිරීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ පවසයි.

ඒ අදට යෙදෙන ලෝක ජනාවාස දින සැමරුම නිමිත්තෙනි.

මෙවර ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ “සියලු දෙනාට සුරක්ෂිත නිවසක්” යන තේමාව යටතේයි.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.

ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව දිවයින පුරා ජනාවාස සතියක් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ ය.