බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ඇරඹේ.

බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ඇරඹේ.

by Staff writer 02-10-2026 | 10:28 AM

COLOMBO(News1st) - බෝගම්බර  බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ආරම්භ කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චේනක පල්ලේතැන්න සඳහන් කළේ මේ වන විට රැඳවියන් 100 දෙනෙකු බන්ධනාගාරයට යොමු කර ඇති බවයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ මැගසින් බන්ධනාගාර දෙකේ රැඳවියන් 1000ක් පමණ බන්ධනාගාරයට තාවකාලිකව යවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ, දිවයිනපුරා බන්ධනාගාරවල රිමාන්ඩ් සැකකරුවන් 25,000ක් පමණ සිටින බවයි.

දිවයිනේ බන්ධනාගාරවල රැඳවියන් 36,000ක් පමණ මේ වන විට සිටියි.