ප්‍රදේශ රැසකට අද ගිඟුරුම් සහිත වැසි

''දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි'' - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 02-10-2026 | 10:21 AM

COLOMBO(News1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(02) පස්වරු 1 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

.