.webp)
-624870.jpg)
ඒ ගුවන් නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් මුල් කරගනිමින්.
යානය තුළ සිටි එක් නියමුවෙකු විසින් අනෙක් නියමුවාට පිහියෙන් ඇණ ඇති බවද සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් යානය සෞදි අරාබියට ඉහළ අහසේදී හදිසි සංඥාවක් නිකුත් කරමින් මිනිත්තු 2කදී අඩි 17,400ක් පහළට කඩා වැටී ඇති බවයි.
එම අවස්ථාවේදී ගුවන්යානය ජාත්‍යන්තර හදිසි කේතය වන 7700 සම්ප්‍රේෂණය කර ඇති අතර එම අනතුරු ඇඟවීමෙන් පසු ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා ක්‍රියාත්මක කර තිබුණි.
කෙසේ වෙතත් පසුව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් සදහන් කර තිබුණේ, මෙය පැහැර ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් කේතයක් වුවද පැහැර ගැනීමේ උත්සාහයක් සිදු වී නොමැති බවයි.
ගුවන් යානය සෞදි අරාබියේ හමුදා කඳවුරක් වන ටබූක් හිදී ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ, යානය ගුවන්ගත කිරීමෙන් පැය දෙකකට පසුවයි.
