හෙට සිට කොළඹ තවත් මාර්ග 5කට මෙට්‍රෝ බස් සේවා....

හෙට සිට කොළඹ තවත් මාර්ග 5කට මෙට්‍රෝ බස් සේවා....

by Staff writer 28-09-2026 | 10:10 AM

COLOMBO (News 1st) - හෙට (29) සිට තවත් මාර්ග 5 ක් ඔස්සේ මෙට්‍රෝ බස් ධාවනයට පියවර ගන්නා බව, මෙට්‍රෝ බස් සමාගම පවසයි.

ඒ දැනට ක්‍රියාත්මක මාර්ග 2ට අමතරවයි.

ලබන වසරේ සිට කොළඹින් පිට පළාත් සඳහාද මෙම සේවය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව මෙට්‍රෝ බස් සමාගමේ සභාපති යූ. පී. තිලකරත්න නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ ය.