විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

by Staff writer 26-09-2026 | 10:29 AM

COLOMBO(News1st) - ජපාන සහ රුමේනියා රැකියා සඳහා ප්‍රථමවරට විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යංශය සදහන් කළේ, ජපාන සහ රුමේනියා රැකියා සඳහා විදෙස්ගතවන ශ්‍රමිකයින් වෙනුවෙන් විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කර ඇති බවයි.

එම පුහුණුව නොමැති ශ්‍රමිකයින්ට කාර්යාංශයේ ලියාපදංචිය ලබාදෙන්නේ නැහැ.

ඒ අනූව අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීම ද අනිවාර්ය වේ.

ජපානයේ රැකියා අපේක්ෂිත පුද්ගලයින්ට දින දෙකක පුහුණුවක් ලබාදෙනු ඇති.

රුමේනියාවේ රැකියා සදහා යන පුද්ගලයින්ගේ පුහුණු පාඨමාලා කාලය, දින තුනක්.

එම අනිවාර්ය පුහුණු පාඨමාලාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු ශාඛා කාර්යාලවලින් ලියාපදිංචි විය හැකියි.