.webp)

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, සංශෝධිත ගුරු ව්‍යවස්ථාවෙන් කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්‍රමය හඳුන්වාදීම හේතුවෙන්, ජාතික හා පළාත් පාසල්වල සේවය කරන ගුරුවරුන් මුහුණපා ඇති ගැටලු සැළකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනූව 2022 ඔක්තෝබර් 23 වැනිදා සිට 2025 ජුනි 30 වැනිදා දක්වා ගුරු සේවයේ පළමු ශ්‍රේණියට උසස්වීම් ලබාගන්නා ගුරුවරුන්, කාර්යක්ෂමතා තුන්වැනි කඩඉම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවෙන් නිදහස් වනු ඇති.
උසස් වූ ශ්‍රේණියට පෙර සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩඉම ඊළඟ උසස්වීම් දිනට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස් වීම් ලද නිලධාරීන්, පෙර කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ කිරීමෙන් නිදහස් කර තිබේ.
2025 වසරේ ජුනි 30 වැනිදා සිට තමුන් අයත් ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වෙන දිනය අතර කාලයේ උසස් වීම් ලබන නිලධාරීන්, මොඩියුල කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කළ යුතු වන්නේ නැහැ.
අදාළ චක්‍රලේඛය පහතින්
ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා සහන ලබා දීම.
අංක 2444/21 හා 2025/07/08 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද සංශෝධිත ගුරු ව්‍යවස්ථා ප්‍රකාරව කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්‍රමය හදුන්වා දීම හේතුවෙන්, ජාතික හා පළාත් පාසල් හි සේවය කරන ගුරු සේවයේ නිලධාරින් හට පෙර පැවති මොඩියුල ක්‍රමයට අදාලව කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීමට තවදුරටත් නොහැකි වීම සලකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පහත පරිදි සහන ලබා දීමට තීරණය කරන ලද බව 2026.09.07 දිනැතිව මෙම අමාත්‍යාංශය වෙත දන්වා ඇත.
I. 2022/10/23 දින සිට 2025/06/30 දින දක්වා කාලය තුළ ගුරු සේවයේ I ශ්‍රේණියට උසස්වීම යෙදෙන ගුරුවරුන්, කාර්යක්ෂමතා කඩඉම III සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමටත්,
II. තමා උසස් වූ ශ්‍රේණියට පූර්වයෙන් සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩඉම ඊළඟ උසස්වීම් දිනට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස් වීම් ලද නිලධාරීන්, එකී පූර්ව ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමටත්,
1. 2025/06/30 දින සිට පහත පරිදි තමන් අයත් ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වෙන දිනය යන දින අතර කාලය තුළ ශ්‍රේණි උසස්වීම් යෙදෙන නිලධාරීන්ට ද මොඩියුල / කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්පූර්ණ කිරීම නොසළකා ශ්‍රේණි උසස්වීම් ලබා දීමටත් කටයුතු කිරීම,
• පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2494 හා 2026/06/19 දිනැති ගැසට් පත්‍රය අනුව,
• දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2498 හා 2026/07/17 දිනැති ගැසට් පත්‍රය අනුවද,
• තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2503 හා 2026/08/21 දිනැති ගැසට් පත්‍රය අනුවද වේ.
මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කරමින අධ්‍යාපන චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
