.webp)

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුවයි
හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ සම්බන්ධයෙන් ඊයේ පැය 5 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දුන්හ.
2006 වසරේ යුක්රේනයෙන් මිග්-27 ප්‍රහාරක යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ගණුදෙනුවක් වූ අතර
එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන් ප්‍රකාශ කළේ, මෙය යුක්රේන රජයට අයත් යුක්රේන් මාෂ් ආයතනය සමග රජයෙන් රජයට කෙරුණු සෘජු ගනුදෙනුවක් බවයි.
පසුව අනාවරණ වූ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් මෙම ගනුදෙනුව සඳහා ගෙවන ලද මුදලින් ඩොලර් මිලියන ගණනක් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි ලියාපදිංචි 'බෙලිමිස්සා හෝල්ඩින්ග්ස්' නම් අතරමැදි ආයතනයක් හරහා වෙනත් රටවලට ගමන් කර තිබේ.
යුක්රේන රජයේ ආයතනයට ලැබී ඇත්තේ නියමිත මුදලින් කොටසක් පමණක් වන අතර, ඉතිරි ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවට මූල්‍ය අපරාධ පරීක්ෂණ අංශය පසුව අධිකරණයට කරුණු වාර්තා කළහ.
එමෙන්ම වසර තුනක පරික්ෂණ තුළින් හෙලි වූ කරුණු අනුව 2006 ජුලි 26ය වෙනිදා ඇතිකර ගත් ගිවිසුම ව්‍යාජ එකක් බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගණුදෙනුවට අදාළව මුදල් බෙලිමිස්සා හෝල්ඩින් ලිමිටට් සමාගමට ගෙවා ඇති අතර එම සමාගමේ ලන්ඩන්හී ඇත්තේ ලිපිනයක්, පුටුවක් සහ මේසයක් පමණක් බව පසුව මාධ්‍ය වාර්තා කළේ ය.
පසුව වාර්තා වුණේ එම මුදල් බිතාන්‍යයේ වර්ජින් අයිලන්ඩ්හී රහසිගත ගිණුමකට බැරකර ඇති බවයි
