ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

by Staff writer 11-09-2026 | 9:56 PM

COLOMBO(News1st) - රැඳවුම් භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් අද පස්වරුවේ අත්අඩංගුවට ගැණුනි.

ඒ, පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් ය.

මෙම පරීක්ෂණය සිදුකෙරෙන්නේ ගම්පහ ප්‍රදේශයේ මහල් නිවාස සංකීරණයකින් රුපියල් කෝටි 3 ක් වටිනා  නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන්.

අදාළ නිවස මිළදී ගැනීම සඳහා ධනය උපයාගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහාශීරාන් බාසික්ගේ පියා අද කැඳවා තිබුණි.