අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මරුට..

දෙහිවල නිවසකට එල්ල වූ, අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මරුට..

by Staff writer 11-09-2026 | 6:44 AM

COLOMBO(News1st) - දෙහිවල, සිරිසඟබෝ මාවතේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර් සඳහන් කළේ, 11 සහ 17 හැවිරිදි වියේ පසු වූ ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

ප්‍රහාරයෙන් 55 හැවිරිදි ළමුන්ගේ පියා ද තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය සඳහන් කළේ, අද(11) අලුයම 3.20ට පමණ අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

තුවාල ලැබූ     පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

සංවිධානාත්මක අපරාධ කරුවන් දෙපාර්ශවයක් අතර පවතින ගැටුමක ප්‍රථිපලයක් ලෙසට බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.

අදාළ සිද්ධිය පිළිබඳ පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්