.webp)

කොළඹ, මඩකලපුව, යාපනය සහ කඳුකරය නියෝජනය කරමින් පැමිණි හින්දු ආගමික නායකයින් පිරිසක් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වු අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.
ආගම හෝ සංස්කෘතිය පදනම් කර ගනිමින් ජාතිවාදය වැපිරීමට උත්සාහ කරනවා නම් ඊට තමන් විරුද්ධ බවත්, ආගමකින් කළ යුත්තේ සියලු දෙනාට ආදරය බෙදාහැරීම බවත් මෙහිදී හින්දු පූජකවරු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පමණක් කළ හැකි කාර්යයක් නොව, සමස්ත සමාජයම එක්ව භාරගත යුතු ජාතික වගකීමක් බව අවබෝධ කර ගනිමින්, එය මුලිනුපුටා දැමීම සඳහා සමාජයේ සෑම පාර්ශ්වයකගේම සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් හින්දු පූජකවරු, එම ජාතික වැඩපිළිවෙළ අඛණ්ඩව හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා ප්රමුඛ රජය වෙත සිය ආශිර්වාදය පළ කළහ.
විශේෂයෙන් මෙවැනි ජාතික අවශ්‍යතාවලදී දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින සියලු හින්දු පූජකවරුන්ට ඒකාබද්ධව කටයුතු කළ හැකි විධිමත් යාන්ත්‍රණයක් සකස් කර දෙන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර හින්දු දහම් පාසල් පවත්වාගෙන යාම ඇතුළු හින්දු බැතිමතුන්ට අදාළව මතුව ඇති ගැටලුද සාකච්ඡා කරමින් විසඳා ගැනීමට එමගින් අවස්ථාව සැලසෙන බව පෙන්වා දුන්හ.
විවිධ ආගමික සම්ප්‍රදායන්, විශ්වාසයන් හා අනන්‍යතාවයන්ගෙන් සමන්විත හින්දු ආගමට තනි නායකත්ව ව්‍යුහයක් නොමැති බැවින්, එහි විවිධත්වය එක්වර ඒකාබද්ධ කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම ආගමික අනන්‍යතාවයන් හා විවිධ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කර ගනිමින්, පොදු සමාජ අරමුණු වෙනුවෙන් සාමූහිකව ක්‍රියා කළ හැකි පූජකවරුන්ගේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී එකඟතාව පළ කළේය.
ඒ අනුව, හින්දු ආගමික විවිධත්වයට ගරු කරමින් සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පොදු සමාජ ක්රියාකාරීත්වයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
රාමක්‍රිෂ්ණ මිෂන්හි කොළඹ මධ්‍යස්ථානය භාර ප්‍රධාන පූජක ශ්‍රීමත් ස්වාමි අක්ෂරාත්මානන්ද මහරාජ්, Swami Aksharatmananda Maharaj, චින්මයා මිෂන්හි කොළඹ මධ්‍යස්ථානය භාර ප්‍රධාන පූජක Gunantitananda Saraswathi, Brammasri S. Sivaneshan sarma, Saththyaseelan Umakanth Sivachchariar යන පූජකතුමන්ලා ඇතුළු පූජකවරුද ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
