.webp)

එම කණ්ඩායම ලබන 23 වැනිදා දක්වා දින 14 ක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතයි.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ ඒකාබද්ධ හත්වැනි සමාලෝචනය සිදු කිරීම ඔවුන්ගේ සංචාරයේ ප්‍රධාන අරමුණයි.
ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට රජයේ ප්‍රධාන බලධාරීන්, මහ බැංකු නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් හමුවීමට නියමිතයි.
මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික වර්ධන ප්‍රතිසංස්කරණ සහ ඉදිරි පියවර පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.
