බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් 1000ක් නවතී...

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ දෝෂයක්, ගුවන් ගමන් 1000ක් අවලංගු වෙයි..

by Staff writer 09-09-2026 | 10:14 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රට පුරා ගුවන් ගමන් 1000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව තිබේ.

ඊයේ (08) රාත්‍රිය වන විට පද්ධතිය යථා තත්ත්වයට පත්කරගැනීමට හැකිවෙනු ඇතැයි, අපේක්ෂා කෙරුනද විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනයේද ගුවන් ගමන් අවලංගු විය හැකි බවයි.

හීත්‍රෝ,, ස්ටැන්-ස්ටේඩ්,, මැන්චෙස්ටර්, බර්මින්ග්හැම් මෙන්ම ස්කොට්ලන්ත ගුවන්තොටුපළ මෙහෙයුම්ද ඉන් අඩාල වී ඇත.

රයන් එයාර් ගුවන් සේවය පවසන්නේ ඔවුන්ගේ පමණක් ගුවන් මගීන් 65,000ක් පමණ ඉන් බලපෑමට ලක්ව ඇති බවයි.

ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගම් වන ලුෆ්තාන්සා සහ බ්‍රිටිෂ් එයාර්වේස් ඇතුළු ගුවන් සේවාද බලපෑමට ලක්වූවන් අතරට ඇතුළත්.

"එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල්" පද්ධතිය අක්‍රීය වීම තුළින්, ගුවන් යානාවලට පිටත්ව යා නොහැකි බවත් අදාළ ගුවන් යානා පිටත්ව යාමකින් තොරව වෙනත් නගර සහ විදෙස් රටවල සිට පැමිණෙන ගුවන් යානා ගොඩබැස්විය නොහැකි බවත් බලධාරීන් පෙන්වා දෙයි.