තණමල්විල සහ අතුරුගිරියේ වෙඩි තැබීම් 2ක් ....

තණමල්විල සහ අතුරුගිරියේ වෙඩි තැබීම් 2ක් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල...

by Staff writer 09-09-2026 | 10:28 AM

COLOMBO (News 1st) - තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (08) රාත්‍රී සිදුවූ එම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්

පොලීසිය සඳහන් කළේ, නාඳුනන පුද්ගලයෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි

තුවාල ලැබූ පුද්ගලයා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා 17 හැවිරිදි අවන්හල් සේවකයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ මැදහින්න, මුංවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු එලෙස තුවල ලබා ඇති බවයි.

ඔහු මේ වන විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණවී නොමැත.

ඊයේ රාත්‍රියේ අතුරුගිරිය ගොඩගම පාරේ අවන්හලක සිටි සේවකයෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබිණි.